සිංහල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම චෛත්‍යය වශයෙන් සැලකෙන රුවන්වැලි මහාසෑය පිළිබඳව මහාවංසයේ සඳහන්ව ඇත්තේ “මහාථූප” යනුවෙනි. මහාථූපය තැනවීමේ ප්‍රවෘත්තිය මහාවංසයේද, ථූපවංසයේද සවිස්තරාත්මකව දක්වා තිබේ. ස්තූපය තැනවීම ආරම්භ කර මේ අවස්ථාව අනුරාධපුරයේ සිදු වූ ඉතාමත්ම අලංකාර උත්සවයක් ලෙස පැවැත් වූ ආකාරය පූර්වෝක්ත වංස කතාවන්හි විස්තර වේ.

මහා චෛත්‍යයේ සුණු පිළියම් කිරීම


ස්වර්ණමාලි මහා චෛත්‍යයේ සුණු පිළියම් කිරීම හෙවත් සුදා කර්මය වාර්ෂිකව සම්ප්‍රදායික ක්‍රමයට සිදු කෙරෙන්නෙකි. සෑම වසරකම ජනවාරි මස අවසානය වන විට ආරම්භ කෙරෙන එය රජරට කාලගුණයට සමානුපාතිකව සිදුකෙරේ. ඒ අනුව පෙබරවාරි මාසයේදී චෛත්‍ය සුද්ද කිරීම ආරම්භ කෙරේ. එවිට මාර් තු මාසයේ දී වැටෙන වර්ෂාවට ඒ සියල්ල සේදී යයි. මාර් තු අවසානය වන විට පළමුවෙනි වටේ හුණු ආලේප කිරීම සිදු කෙරේ සිංහල අවුරුදු සමයේ දී වැඩ නවත්වා යළි මැයි මාසය අවසන් වන විට දෙවන වටයේ හුණු ආලේප කිරීම සිදුකර සුදා කර්මය අවසන් කරනු ලැබේ.

අඩි 338 ක් උසැති අඩි 370 ක් විශ්කම්භය ඇති මේ මහා චෛත්‍යයේ හුණු පිළියම් කිරීම අතිශයින්ම දුෂ්කර කර්තව්‍යයකි. ඒ සඳහා අළුහුණු ටොන10ක්, ලුණු මිටි 25ක්, නිල් මිටි 01ක්, සීනි මිටි තුනක්, සහ කැද සෑදීමට කැකුළු සහල් මිටි එකක් භාවිතා කෙරේ.

උණගස් 700ක්, ලණු හොන්ඩර හයක් සහ නැව් කඹයක් ද ඊට අවශ්‍ය වේ. හුණු තවරන බුරුසු ලණු වලින් සකසා ගනු ලැබේ. සද්ධාතිස්ස රජතුමා විසින් අරඹා වර්තමානයේ දී ද වාර්ෂිකව සිදුකෙරෙන මෙම හුණු පිළියම් කිරීමේ කාර්යය ආරම්භ කරනු ලබන්නේ චාරිත්‍රානුකූලව මහා බෝධීන් වහන්සේට සහ ස්වර්ණමාලි මහා චෛත්‍යයට භාරවීමෙනි.

ස්වර්ණමාලි මහා චෛත්‍යයේ මේ සියලු කටයුතු සිදුකරනුයේ විහාරාධිකාරී නා හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

අනුරාධපුර අටමස්ථානාධිපති නාහිමියෝ මේ සියලු කටයුතු සඳහා උන් වහන්සේට අවවාද අනුශාසනා කරති.

තෙරුවන් සරණයි...!

ධර්ම දානය පිණිස බෙදා හැර අප්‍රමාණ පින් රැස්කරගන්න.

දාන පාරමිතා




free counters