සිංහල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම චෛත්‍යය වශයෙන් සැලකෙන රුවන්වැලි මහාසෑය පිළිබඳව මහාවංසයේ සඳහන්ව ඇත්තේ “මහාථූප” යනුවෙනි. මහාථූපය තැනවීමේ ප්‍රවෘත්තිය මහාවංසයේද, ථූපවංසයේද සවිස්තරාත්මකව දක්වා තිබේ. ස්තූපය තැනවීම ආරම්භ කර මේ අවස්ථාව අනුරාධපුරයේ සිදු වූ ඉතාමත්ම අලංකාර උත්සවයක් ලෙස පැවැත් වූ ආකාරය පූර්වෝක්ත වංස කතාවන්හි විස්තර වේ.

නමෝබුද්ධාය

ක්‍රි: පූ 161 - 137 අතර කාලයේ රජ කළ දුටුගැමුණු රජතුමා විසින් සිය රාජ්‍ය සමයේ අවසාන කාලයේ මෙම ස්තූපය සාදවන ලදී. බුබ්බුලාකාර හැඩයෙන් යුක්ත මෙම ස්තූපය සෑදීම සම්බන්ධව මහාවංසයේ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කර තිබේ. (මහාවංසයේ 28 වන පරිච්ඡේදයේ සිට ඉදිරියට) අනුරාධපුරයේ ඇති ජේතවනාරාමය හා අභයගිරිය රැවන්වැලි මහා සෑයට වඩා ප්‍රමාණයෙන් විශාල වුවද ‍මෙම දාගැබ හදුන්වන්නේ මහා සෑය ලෙසින්ය. ථේරවාදී සම්ප්‍රදායේ භික්ෂූණ් වහන්සේලාගේ කේන්ද්‍රස්ථානය වීමත්, අන් කිසිදු ස්තූපයක නොමැති ආකාරයෙන් ධාතූන් වහන්සේලා නිධන් කර තිබීමත් නිසා මෙම දාගැබ "මහා තූපය" යන ගෞරවය ලබා ඇත.
මිරිසවැටිය හා ලෝවාමාහාපාය සෑදීමෙන් පසුව ගැමුණු රජු මෙම විහාර කර්මාන්තය ආරම්භ කර තිබේ. දේවානම්පියතිස්ස රජුගේ කාලයේදී මිහිදු හිමියන් විසින් අනාගතයේදී පහළ වන දුටුගැමුණු නම් රජෙකු මහා ථූපයක් සාදවන බවට අනාවැකියක් ප්‍රකාශ කර තිබුණි. එය සඳහන් කර රජගෙහි තැම්පත් කර තිබූ රන් පතක් හා මහා සෑය ඉදිවන ස්ථානයේ පිහිටුවා තිබූ ගල් ටැඹක් දැක රජුට මෙම මහා සෑ ඉදිකිරීම ආරම්භ කිරීමට අදහස ඇතිවූ බව මහාවංසයේ සඳහන් වේ. අදටත් මහා සෑයේ උතුරු පැත්තේ දොරටුව අසල ඇති ශිලා ටැඹ මෙය යැයි සැලකේ. නමුත් එය නිශ්චිතව කිව නොහැක. (බුදු පිළිමයක් නෙලීමට ගොස් අතහැර දැමූ ගලක් ලෙසත් සමහරු කියනවා)
කෙසේ වෙතත් මහා සෑය ඉදි කිරීම ගැන මහාවංසයේ ඇති විස්තරය පැරණි ලක්දිව ස්ථූප කර්මාන්තය කෙසේ පැවතුනාද යන කාරණාව ගැන ඇති හොඳම විස්තරයයි.
මහාසෑ කර්මාන්තයේදී රාජකීය භාණ්ඩාගාරයේ මුදල් පමණක් වැය කිරීමට රජු වග බලා ගත්තේය. කිසිවෙකුගෙන් වැටුප් නොගෙවා සේවය ලබා ගත්තේ නැති බවත් මහාවංසය පවසයි.
සියලු සම්පත් සපයා ගැනීමෙන් පසුව ගැමුණු රජු මහා සංඝයාගේ මූලිකත්වයෙන් වෙසක් පුර පසළොස්වක පොහාය දිනයකදී, විසා නැකතින් මෙම මහා ස්තූපයේ වැඩ ආරම්භ කළේය. නමුත් රජුට සිය ජීවිත කාලයේදී මෙහි වැඩ නිම කිරීමට හැකි වූයේ නැත. රජුට නිම කළ නොහැකි වූ ස්තූපයේ ඉහළ කොටසේ කටයුතු හා ඇත් පවුර පසුව රජ පැමිණි සද්ධාතිස්ස රජතුමා විසින් කරවන ලදී.
අද අපි දකින්නේ එදා ගැමුණු රජු කරවූ මුල් රුවන්වැලි සෑයේ නූතන අවස්ථාවයි. රාජධානි නිරිතට සංක්‍රමණය වීමත් සමඟ ගරා වැටුණු මහා ථූපය යළි අද තිබෙන ආකාරයෙන් ගොඩනැගුනේ නාරංගොඩ සුමනසාර හිමියන්ගේ මූලිකත්වයෙන්ය. ඒ උන් වහන්සේ විසින් 1902 දී පිහිටවූ රත්නමාලී චෛත්‍ය සංවර්ධන සමිතිය හරහාය. එම සමිතිය විසින් වසර ගණනාවක් පුරා කළ කටයුතු වල වැදගත්ම අවස්ථාව වූයේ 1940 ජූනි මස 17 වන දින, පොසොන් පොහොය දා ස්තූපයට කොත පැලැන්ද වීමයි.
වර්තමානයේ රුවන්වැලි සෑය වටා ඇති ඇත් පවුර ද මෑතකදී සෑදුවකි. එහෙත් ස්තූපයේ බස්නාහිර පැත්තේ තවමත් පැරණි ඇත් පවුරේ කොටසක් සංරක්ෂණය කර ඇත.
ආලකමන්දාව





free counters